නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි...
අදත් මාතෘකාව ගීතයක් ම තමයි. දැන් ඉතින් බනින්න එපා සින්දු ම ලියනවා කියලා. ඒත් මගේ ජීවිතේට සංගීතය ගොඩක් ළඟ නිසා මං සින්දු ගොඩක් රස විඳිනවා.
මුළු හදින්...
ගායනය : නාරද දිසාසේකර
ගීතයේ කියවෙන්නේ කාලයක් තිස්සේ ආදරයෙන් ළඟ හිටපු තමන්ගේ පෙම්වතිය තමන් ව හැරදාලා ගිහින් දැන් වෙන කෙනෙකුට අයිති වෙලා නිසා දුකින් තැවෙන පෙම්වතෙක් ගේ වැලපුමක්. ඒ දෙන්නා ආදරෙන් හිටිය හැටි මතක් කරනවා ගීතයේ අතරමැද. හැබැයි මාව සසල කරන්නේ මේ ගීතයේ මෙන්න මේ පද ටික.😪
"මගේ අත ගෙන කනට ලං වී අනේ සුදු මම ආදරේ යැයි
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක්වෙමි
නිසංසල තැනකට වෙලා අඬන මගෙ ඇස් දෙක බලා
කියන්නකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා
මගේ අත ගෙන කනට ලං වී අනේ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා
එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා හිතෙහි අදහස් සුන්වෙලා
මා උපන්නේ දුක් විඳින්න ද දුක් අඳුරු මැද තනිවෙලා
ගායනය : නාරද දිසාසේකර
ගීතය නම් ටිකක් පැරණි එකක්. ගායනා කරන්නේ නාරද දිසාසේකර මහතා, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න සාරංග දිසාසේකර ගේ පියා. මේ ගීතයට කොහොමත් මම ඉස්සර ඉඳන් කැමතියි. නමුත් මේක ගැන ලියන්න හිතුනේ TVදෙරණ ඔස්සේ පෙරේදා විකාශය වුණු "මා නොවන මම" වැඩසටහනේ මේ ගීතය සාරංග විසින් ගායනය කෙරුණ නිසා. කවුරුත් දන්නා පරිදි සරංගගේ ජීවිතයේත් යම් දුක් සහිත කාල පරිච්චේදයක් ගතවෙන නිසා (දැන් ඉතින් කියන්න එපා මං ඕපාදුප හොයනවා කියල. ඒ සිද්ධිය හැමෝම වගේ දන්නවනේ!😉) ඒ ගීතයේ වෙනද මට නොදැනුනු දුකක් එදා මට දැනුනා.
ගීතයේ අර්ථයේ අමාරුවෙන් තේරුම් ගන්න තරම් දෙයක් නැති වුණත් අද කාලේ තමන්ගේ ප්‍රේමවන්තයා/ ප්‍රේමවන්තිය දාල ගියාම කියන ගීත එක්ක බැලුවම මේක බොහොම ලස්සන පද මාලාවක්.
"මගේ අත ගෙන කනට ලං වී අනේ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි"
මාව සසල වෙන්නේ ඇයි ද කියල මට තේරෙන්නේ නෑ. නමුත් එතැනදී ඔහු තමන්ගේ ආදරවන්තිය ආදරෙයි කියල කිවුවේ ඇයි කියල අහනවා. ආදරයක් පටන් ගනිද්දී පළමු පියවර දෙන්නට දෙන්නා ආදරෙයි කියල කියන එක මං හිතන්නේ. ඉතින් එතැනදී වෙන්නේ එක්තරා ආකාරයක පොරොන්දුවක්.
ආදරෙයි නම් දාල යන්නේ කොහොමද? එතකොට ආදරෙයි කියල තියෙන්නේ බොරුවට ද? ඒ දීපු පොරොන්දුවට මොකද වුණේ? පොරොන්දුව කැඩුනොත් මට දුක හිතෙයි කියල හිතුනේ නැද්ද ඔයාට?
මේ ප්‍රශ්න ඔක්කොම මේ පද පේලි දෙකෙන් බොහොම ලස්සනට අහල තියෙනවා. මෙතනින් එහාට ඒ ගැන හිතන එක ඔබට බාරයි. "සුදූ" කියල කියන්නේ ආදරේට කියන නමක් නේ. ඒ නම මෙතනට දැම්මේ ඇයි කියලත් හිතන්න.
ලෝකයේ හැම ආදර කතාවක් ම සතුටකින් කෙලවර වුණා නම් මේ වගේ ලස්සන නිර්මාණ කවදාවත් බිහිවෙන එකක් නැහැ. විරහව ආදරයට වඩා ලස්සනයි කියල මං විශ්වාස කරනවා. විරහවේ ඇබ්බැහි වෙන ගතියකුත් නැතිව නෙමෙයි. කෙනෙක් ඒ රසයට පුරුදු වුණොත් සදාකාලිකව තනිකඩව ඉන්නත් බැරි නැහැ. 😉 මං කියනවට මේ ගීතය අහල බලන්න. ඔබටත් දැනෙයි ඒ රස...

hmmm nice
ReplyDeleteThank u :)
DeleteReally nice Dini... Talked to our hearts :)
ReplyDeleteThank u dr! :)
Delete