Posts

Showing posts from June, 2017

නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි...

Image
අදත් මාතෘකාව ගීතයක් ම තමයි. දැන් ඉතින් බනින්න එපා සින්දු ම ලියනවා කියලා. ඒත් මගේ ජීවිතේට සංගීතය ගොඩක් ළඟ නිසා මං සින්දු ගොඩක් රස විඳිනවා. මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක්වෙමි නිසංසල තැනකට වෙලා අඬන මගෙ ඇස් දෙක බලා කියන්නකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා මගේ අත ගෙන කනට ලං වී අනේ සුදු මම ආදරේ යැයි කියන්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා හිතෙහි අදහස් සුන්වෙලා මා උපන්නේ දුක් විඳින්න ද දුක් අඳුරු මැද තනිවෙලා මුළු හදින්... ගායනය : නාරද දිසාසේකර ගීතය නම් ටිකක් පැරණි එකක්. ගායනා කරන්නේ නාරද දිසාසේකර මහතා, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න සාරංග දිසාසේකර ගේ පියා. මේ ගීතයට කොහොමත් මම ඉස්සර ඉඳන් කැමතියි. නමුත් මේක ගැන ලියන්න හිතුනේ TVදෙර...