Posts

Showing posts from May, 2017

මේ දවස්වල වැඩිපුර අහන ගීතය..

Image
" කෝ දැන් එයා? " " එයා මාත් එක්ක තරහ වෙලා නේ.. " " ඉතින් ඔයාට දුකයි ද? " " ඔව්.. ගොඩක්... " ආදරේ කරන කෙනෙක් තරහ වුණාම දැනෙන පාළුව තනිකම කියල නිම කරන්න බැහැ. සමහර වෙලාවට අපිත් ගණන් උස්සල කතා නොකර ඉන්නවා. එයාට අපේ අගේ දැනෙන්න කියල. ඒත් ඉතින් ගොඩක් වෙලාවට අපි ම පස්සෙන් ගිහින් යාලු කරගන්නවා. කොහොමහරි එයා යාලු වුණාම දැනෙන සතුට සැනසීමත් අසීමිතයි.. හිත රිදුනු වෙලාවට, තනිකම දැනෙන කොට අපිට කවි සිතුවිලි එහෙමත් පහල වෙනවා. එහෙමත් නැත්නම් අවස්ථාවට ගැලපෙන ගීතයක් මතක් වෙනවා.. රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැඳෙනවා නම් විශ්වයේ නම් නොවේ තවත්  මෙවන් සැනසුමක් හදට උණුසුමක් නුවන් තෙමී විසිරෙනා නුඹේ කඳුළු පා කරන්න වැහි වළාවකින් වැහි වැටෙන්න ලං වෙනකොට ආකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම් වැටෙන වැටෙන වැහි බිඳු ගෙන මා සඟවන්නම් රෑ අහසේ... මල් උයනක සැරිසරන්න සමනලයිනි ඉගිල එන්න නුඹලට හැකි නම් පන්හිඳ ළඟ තනිවෙනකොට  මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනිහින් ඇයට ඇහිඳගන්න දුරක වීසි කරාපන් රෑ අහසේ... ...